රටක් රකින්න තීරණ ගත් ලේකම්වරයා කාරක සභාවට කියු දේ

0
51


පාස්කු සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ දින කැදවා තිබුනේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාය.

ඒ පාස්කු සිද්ධියෙන් පසු රාජ්‍ය සේවකයන් උදෙසා නිකුත් කළ චක්‍රලේඛයක් අරඹයා ඒ මහතා මෙලෙසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවා තිබුනි. ඒ මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව උදෙසා සෑම රාජ්‍ය සේවකයෙකුටම ආරක්ෂාවට අනුකූල නිල ඇදුමක් නියම කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීම නිසාය.

රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම සළකා ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කරමින් තිබුණි. ඒ මින්පෙර ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුකූලව අමාත්‍යංශ ලේකම්වරුන් විසින් සිදු කළ සාකච්ඡාවකදී ලබා ගත් තීරණයක් අනුවය. පාස්කු සිද්ධියෙන් පසුව බුර්කාව වැනි මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ඇඳුම් වලින් සැරසී පුද්ගලයන් රාජ්‍ය සේවයට පැමිණීම රාජ්‍ය සේවකයන් අතරම භීතියක් හට ගැනීම එම තීරණයට පසුබිම් වී තිබුණි.

අමාත්‍යංශ ලේකම්වරයා තේරීම් කමිටුවට කැදවූ අවස්තාවේ සිටම දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැඩි පීඩනයක් එල්ල කරමින් ප්‍රශ්න කළේය.

එහිදී නිර්භීතව පිළිතුරු දුන් අමාත්‍යංශ ලේකම්වරයා පැහැදිලි කරමින් කියා සිටියේ රාජ්‍ය සේවකයන්ට විනය අත්‍යවශ්‍ය බවයි. කෙසේ වෙතත්එහිදී රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා දැඩිව එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළා. එහිදී ඔවුන් පැවසූවේ රාජ්‍ය සේවකයන්ගේ නිළ ඇඳුමට එලෙසින් සීමා පැනවීම මානව හිමිකම් කඩකිරීමක් බවයි. එහිදීත් සිය ස්ථාවරය පැහැදිලි කළ අමාත්‍යංශ ලේකම්වරයා රාජ්‍ය සේවකයන් තමන්ට සිදුවන අසාධාරණකම් වලදී ප්‍රථමයෙන්ම පැමිණිය යුත්තේ තමන් ඉදිරියට බව ප්‍රකාශ කළා.

මෙහිදී සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙන්නේ මෙම තේරීම් කාරක සභාවෙන් සොයා බැලිය යුත්තේ පාස්කු ප්‍රහාරය එල්ල කළ අන්තවාදය වූවද, එම බියෙන් ජනතාව සහ රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට කටයුතු කළ නිළධාරියෙක් මෙම තේරීම් කාරක සභාව ඉදිරියේ පීඩනයට පත් කිරීමය.

ඒ සදහා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන තිබීමද සමාජජාලාවන්හි දැඩි විරෝධයට හේතුව තිබේ. බොහෝ දෙනෙක් මතු කළ ප්‍රශ්නය වූයේ පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන්ට සිය තනතුරින් ඉවත් වීමට බලපෑම් එල්ල වූ අවස්තාවේ රිෂාඩ් බදියුදීන් සමග තනතුරින් ඉවත් වූ රාවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා, මෙලෙසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨතම නිළධාරියෙකු ප්‍රශ්න කිරීම කොතරම් සදාචාර සම්පන්නද බවයි.

Source – නෙත්ගොසිප්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here