යුරෝපා සංගමය ලංකාව ගැන අවධානයෙන්

0
48


ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර සිදුවන දේශපාලනික බලපැම් මත සාමහ හා සංහිදියාව කඩවීම් සම්බන්ධව තමන් දැඩි අවධානයෙන් පසුවන බව යුරෝපා සංගමය සඳහන් කර තිබේ.

සියළු ප්‍රජාවන් අතර පවතින සාමය හා සංහිදියාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහය ලබාදීමට සූදානම් බවද යුරෝපා සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

සත්‍ය තහවුරු කර නොගෙන අගතිගාමී තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම, කලහකාරී තත්වයන් වර්ධනය කිරීමට හේතුවන බවද එකිනෙකා අතර ගරුත්වය, සාධාරණත්වය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධක වලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බවද යුරෝපා සංගමය අවධානයට යොමුකර තිබේ.

ඊයේ(12) දිනයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ද ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන තානාපති කාර්යාල ද එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලයේ ද එකඟතාව මත මෙම නිවේදනය  නිකුත් කර ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here