යුද හමුදා විශ්‍රාමික ක්‍රීඩකයෝ මාතලේ හොකී ශූරතාව දිනති

0
31


මාතලේ දිසා අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික පිරිමි හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතලේ විශ්‍රාමික යුද හමුදා හොකී ක්‍රීඩා සමාජ පිල සමත් විය.

මාස්ටර්ස් වී.අයි.පි. හොකී සංගමයේ අනුග්‍රහය යටතේ මාතලේ දිසා හොකී සංගමය මගින් සංවිධාන කළ මේ තරගාවලිය කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පසුගියදා මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අවසන් මහා තරගයේදී මාතලේ විජයන්ස් ක්‍රීඩා සමාජයීය මෙරූන්ස් පිල පරදවා ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට විශ්‍රාමික යුද හමුදා හොකී ක්‍රීඩා සමාජ පිල සමත් විය. තරගයේ වාර්තාව එකම ගෝලය අසංක වෙළගෙදර විසින් වාර්තාකළ අතර ශූරතාව දිනු විශ්‍රාමික යුද හමුදා පිල පී.එන්.ක්‍රාමර් විසින් මෙහෙයවීය. අනුශූරතාව දිනු විජයන්ස් මෙරූන්ස් පිල අනුරාධ සුරේෂ් විසින් මෙහෙයවු අතර අවසන් මහා තරගය එස්.එන්. ජයසිංහ සහ එම්. රිෆාඩ් යන මහත්වරු විසින් විනිශ්චය කළහ.

මේ තරගාවලියේ අවසන් පූර්ව තරග වලදි ගෝල 1-0 න් හුළංගමුව ක්‍රීඩා සමාජ පිල පරදා විශ්‍රාමික යුද හමුදා හොකී පිල ජයලැබු අතර, 2 කණුව ක්‍රීඩා සමාජ පිල පරදා ගෝල් 2-1 ක ජයක් හිමිකර ගැනීමට විජයන්ස් ක්‍රීඩා සමාජ පිලට හැකිවිය. තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ආසියාතික හොකී පිල නියෝජනය කළ ප්‍රවීණ හොකී ක්‍රීඩක රංජිත් විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මාස්ටර්ස් වී.අයි.පි. හොකී සංගමයේ උප සභාපති ජී.එම්.නාලිම්, ලේකම් ආර්. මහේෂ්වරන්, සහ මාතලේ හොකී සංගමයේ ලේකම් එරික් හුළංගමුව යන මහත්වරුද මේ අවස්ථාවට එක්වුහ.

මාතලේ දිසා විශේෂ / අසෝක හිදගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here