මෝදි අද දිවයිනට – කොළඹ විශේෂ රථ වාහන සැළැස්මක්

0
53


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද(9) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙරට වේලාවෙන් පෙරවරු 11.00ට කටුනායක ගුවන් තොටුපලට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණීමට නියමිතව ඇත.

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ උත්සවය දහවල් 12.15ට ආරම්භ වන බවත් මෙරට රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමටත් නියමිත බව වාර්තා වේ.

සවස 3.00ට ඔහු නැවත ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව ඇත.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය හේතුවෙන් අද පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කටුනායක සිට කොළඹ දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here