Home උණුසුම් පුවත් මොරටු පුරපති ඇතුළු සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක

මොරටු පුරපති ඇතුළු සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක

0
51


(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටු පුරපති සහ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු මහනගර සභාව ඉදිරිපිටදී සිදුකළ සත්‍යග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර නොදැක්වීමෙන් අද (11) පුරපති ඇතුළු සිව් දෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹුහ.

දින දෙකක් පුරා පැවති සත්‍යග්‍රහයට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන් මොවුහු මෙලෙස අද උදෑසන 10 සිට උපවාසයේ නිරත වෙති.

පාරම්පරික වඩු කර්මාන්තය සහ වඩු කාර්මිකයා අපහසුවට ලක්වෙන ආකාරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකකට එකක් නොගැලපෙන ලෙස තැනින් තැන කරන ප්‍රකාශ සියල්ල ඉවත් කර ගන්නා ලෙසත් නිකුත් කරන ගැසට් නිවේදනය මොරටුවට බල නොපැවැත්වෙන බවට වගන්තිය ඇතුළත් කරන ලෙසත් ඉල්ලා මොවුහු මෙම මාරාන්තික උපවාසය ඇරඹූහ.

කිසිවෙකුට බරක් නොවන ලෙස ජීවිකාව ගෙන යන වඩු කාර්මිකයාව පීඩාවට පත්වන ආකාරයෙන් වඩු මඩු අලුතෙන් ඇරඹිම තහනම් කිරීම තුලින් පාරම්පරික වඩු කර්මාන්තයට කණකොකා හැඬවීමක් සිදුවන ඔවුහු පවසති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here