මැදමුලන කෞතුකාගාර මුදල් වංචාව සම්බන්ධව ගෝඨාභයගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

0
19


මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුව ඇති මූල්‍ය වංචාව පිළිබඳව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහගත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර කැමැත්තෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තබූ පෙත්සම අද(11) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබූ අතර එහිදී මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර තිබේ.

පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෘ මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් අදාල පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන බවය.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7කට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here