මාලි රාජ්‍යයේ ගෝත්‍රික ගමක ප්‍රහාරයකින් 95ක් මිය‍ගිහින්

0
11


මාලි රාජ්‍යයේ ඩොගොන් ගෝත්‍රික ගම්මානයට රාත්‍රියක් පුරා එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 95 දෙනකු මිය‍ගොස් 19 දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.මේ සාමකාමී ගම්මානයට මරණීය ප්‍රහාරය එල්ල කර ඇත්තේ ත්‍රස්තවාදීන් බවට සැක කෙරෙන අවි ගත් පිරිසක් විසින් බව එරට රජය ප්‍රකාශ කරයි. ඔවුන් විසින් සතුන් පවා ඝාතනය කර ඇති අතර නි‍වාස ගිනි තබා ඇත. කාන්තාවන්, ළමයින් මෙන්ම වැඩිහිටියන් ද මෙසේ ඝාතනයට ලක් වී ඇති අතර මේ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here