මරණ දඬුවමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි

0
21


මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද(04) දෙවන දිනටත් හෙට දිනය දක්වා කල් තබා තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවා තිබිණි.

ඊයේ දිනයේදී මෙම පෙත්සම කැඳවා තිබූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙය ජනාධිපතිවරයාගේ තීරණයක් බැවින් එයට අභියෝග කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවය. එබැවින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බව ද ඒ මහතා පවසා ඇත.

කෙසේ වෙතත් පෙත්සම්කාර පාශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පවසා සිටියේ අදාල පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් ඇති බවය.

එසේම පෙත්සම් විභාගය අවසන් වන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ නෛතික හැකියාවක් නොමැති බවද නීතීඥවරයා පැවසා ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here