මරණ දඩුවමට එරෙහි පෙත්සමක් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද කැඳවයි

0
73


මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම, පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද(02) පෙරවරු 11.00ට කැඳවීමට නියමිතව තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කිරීමට නියමිතය. විනිසුරු මඬුල්ලේ සභාපතීත්වය යසන්ත කෝදාගොඩ මහතාට පැවරී ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here