මම කට ඇරියොත් කිහිප දෙනෙකුටම අමාරු වෙයි – ඇමති රවී එජාපයේ පාවාදීමකට අර අදියි

0
36


සීතල යුද්ධයක් ලෙස පැවැති රවී මංගල ගැ‍ටුම මේ වන විට සජිත් නිසාවෙන් එළිපිට ගැ‍ටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී. මෙහි උණුසුම් අවස්ථාවක් පසුගිය දිනක වාර්තා විය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීම අතරවාරයේදී විදුලිබල ඇමැති රවී කරුණානායක විසින් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල්, මුදල් අමාත්‍යංශය විසින් ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කළේය. 

මෙලෙස මුදල් ගෙවීමට නොහැකි බවත් අවශ්‍ය නම් යම් ඇපයක් සහිතව සහනයක් පමණක් ලබා දිය හැකි බව මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීමත් සමග ඇමැතිවරුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

මෙහිදී ඇමැති රවී පවසා සිටියේ තමන් මුදල් ඇමැතිව සිටි කාලයේදි මෙලෙස ණය හිලව් කිරීමට මුදල් අමාත්‍යංශයෙන් මුදල් ලබා දුන් බවත්, මෙය තමන්ගේ පෞද්ගලික දේපලක් නොවන බවත්, රටේ මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා එසේ කල නොහැක්කේ ඇයිද යන්න තමන්ට ප්‍රකාශ කරන ලෙසත් ය.

එහෙත් ඇමැති මංගල ඊට එරෙහි වෙමින් ප්‍රකාශ කළේ පාඩු ලබන ආයතන වලට මුදල් ලබා දීම තමන්ගෙ ප්‍රතිපත්තිය නොවන බවත් ; ඒවාට වග කිව යුත්තේ ඒ ආයතන වල වගකීම් දරණ බලධාරීන් සහ නිලධාරීන් බව අවධාරණය කළේය.

ඇමැති රවී ඊට පිළිතුරු දෙමින් තමන් මුදල් ඇමැතිවරයාව සිටියදී රටේ සංවර්ධනයට විශාල සේවයක් කළ බවත්, මෝස්තර සැළසුම්කරුවෙක් රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්වී දැන් එය සිදු නොවන පැවසීය.

මින් පෙර රජයන්ගේ සිටම අකාර්යක්ෂමව තිබූ විදුලිබළ මණ්ඩළය තමන් බාරගන්නා විට දේශපාලන පුරප්පාඩු පිරවීම සඳහාම යොදාගෙන තිබූ බවත්, මෙහිදී ආයතනයේ ලාභ උපයීම හෝ සුභසිද්ධිය වෙනුවෙන් කිසිවෙකු කටයුතු නොකර තිබීමේ චෝදනාවද බරගත යුත්තේද තමන් විසින් බවත්දැයි රවී කරුණානායක අමාත්‍යවරයා පෙරළා මංගලගෙන් ප්‍රශණ කළේය.

එහෙත් ඊට පිලිතුරු දෙමින් ඇමැති මංගල, රවී කරුණානායක ඇමැතිවරයාට අභියොගයක් කරමින් , හැකිනම් තමන් ගමට කළ එක සංවර්ධන කටයුත්තක් ගැන පවසන ලෙස පැවසීය.

එතැනින් නොනැවතුණු ඔහු, තමන් මෙතෙක් කල් කට පියාගෙන හිටියේ තමන්ගේ මහත්මා කමට බවත් , තමන් කට ඇරියොත් කිහිප දෙනෙකුටම අමාරු වෙයි යනුවෙන් ද ඔහු අවධාරණය කළේය.

ඉන් පසුව ඇමැති රවී ඊට පිළිතුරු වශයෙන් සඳහන් කළේ මුළු රටම ඉකුත් මැතිවණයේදී තමන්ගේ ආසන පවා පරාජය වෙද්දී තමන් නායකත්වය දරන කොළඹ දිස්ත්‍රික්කය සහ උතුරු කොළඹ ආසනයේ එ.ජා.ප. ය විජයග්‍රහණය කළේ එක වැඩක් නොව වැඩ දහසක් ගමට සහ පාක්ෂිකයාට කළ නිසා බවත්, වැඩිම මනාප ප්‍රතිශතයකින් තමන්ගේ ආසනය විජයග්‍රහණය කළ ආඩම්බරය ඔබට නොමැති වුවත් මට නම් ඇති බවත් අවධාරණය කළේය.

තවද ඔහු ඇමති මංගලට අභියෝග කරමින් සඳහන් කළේ තමන්ගේ කට නිසි වෙලාවට ඇරුණේ නම් මේ පක්ෂය මේ වන විට රටේම පිළිකුලට භාජනය විය යුතුව තිබූ බවත්, එසේ නොකර පක්ෂය හා නායකත්වය ගැන සිතමින් තමන්ගේ නමට කැළලක් එක් කර ගත් ඔහුගේ කකුලෙන් ඇද මෙසේ කතා කර මදි බවත් ය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here