මන්නාරම සිට කොළඹ දක්වා මුහුද පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

0
57


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි කාලය තුළ මන්නාරම සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ තද වැසි හා තද සුළං සඳහා වන අවධානාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා වු වළාකුළු හේතුවෙන් ඉහත මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70ක් – 80 ක් පමණ විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පුත්තලම සිට මීගමුව දක්වා ගමන් ගන්නා ධීවර හා නාවික නිලධාරීන් මෙම තත්වය සමග ඉතා කල්පනාකාරී ලෙස වැඩ කරන ලෙසද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

විශේෂයෙන් බස්නාහිර දෙසින් වු වළාකුළු පද්ධතිය හේතුවෙන් මෙම තත්ත්වය සක්‍රීයව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here