මංගලගේ තීරණයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

0
53


2015 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දා ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට එවක විදේශ අමාත්‍ය වරයාව සිටි මංගල සමරවීර මහතා ගනු ලැබූ තීරණය මගින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව පවසමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධව එවැනි තීරණයකට එළඹීමට පෙර ව්‍යවස්ථාදායකය හෝ විධායකය මගින් අනුමැතියක් ලබාගත යුතු වුවද එවක විදේශ අමාත්‍යවරයා එවැනි කිසිඳු අනුමැතියක් ගෙන නොමැති බවය.

ඒ අනුව මංගල සමරවීර මහතා විසින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන තීන්දුවක් ගෙන ඇති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස, පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මංගල සමරවීර, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ සහ නීතිපතිවරයා නම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here