බොරුවලට හසු නොවී ගුරු ගෙදර අපේ කණ්ඩායමට බලය දෙන්න

0
42


2011 සිට 2016 දක්වා කාලය තුළ අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ බලය හෙබවූ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පත්කළ හොර අතුරු පාලක මණ්ඩලය නැවත වරක් විශ්‍රාමික ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව භාවිත කරමින් සහ ගුරුවරුන් රවටමින් බලයට පැමිණීමේ උත්සාහයක නිරතව සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමීතියේ නිල වරණය සඳහා නැවත ඉදිරිපත්ව ඇති මෙම කණ්ඩායම ඉහත කාලය තුළ නිසි පරිදි ලේඛන පවත්වාගැනීමක් හෝ සිදු නොකර සමීතියට රුපියල් මිලියන 50 000ක මූළ්‍ය හානියක් ද සිදුකර ඇති බව මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත අත්පත්‍රිකා බෙදමින් සහ ලංකා ගුරු සංගමයට අභූත චෝදනා එල්ල කරමින් මෙම පිරිස බලයට පැමිණීමට උත්සාහ දරන බවත් මෙම වසර අවසානයේ ආණ්ඩු බලය ද තමා සතුවන බැවින් මැතිවරණයේ දී තම කණ්ඩායමට ඡන්දය ලබාදෙන ලෙසත් මෙම පිරිස අත්පත්‍රිකා බෙදමින් යන බව මහින්ද ජයසිංහ මහතා හෙලි කළේය. නමුත් ආණ්ඩු බලය හෙබවූ සමයේ සමීතියට සිදුකළ මූළ්‍යමය පාඩුව අති විශාල බව ද ඒ මහතා පැවසීය.

නමුත් ගෙවීගිය වසර තුනක කාලය තුළ බලය හෙබවූ ලංකා ගුරුසේවා සංගමය, සමීතිය ගොඩ නැගීමටත් මූළ්‍ය පාඩුව සම්පූර්ණ කිරීමටත් සමත්ව ඇති බව මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ලබන 8 වැනිදා අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතියේ නිලවරණය රටපුරා ස්ථාන 98ක දී පැවැත්වීමට සූදානම් බවත් ඒ සඳහා නියෝජිතයන් 371 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එම පිරිසෙන් බහුතරය ලංකා ගුරුසේවා සංගමයේ ගුරු ගෙදර අපේ කණ්ඩායමට ලබා දෙන ලෙසත් මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය අමතා සඳහන් කළේය.

මෙවරත් ලංකා ගුරුසේවා සංගමයේ ‘‘ගුරුගෙදර විශ්වාසය අපේ කණ්ඩායම’’ විශිෂ්ඨ ලෙස දිනවමු.

Posted by Ctsu Lanka on Thursday, June 6, 2019



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here