බීච් කබඩි-බීච් වොලිබෝල් කාන්තා ශූරතා දෙකම නැඟෙනහිරට

0
55


45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ බීච් කබඩි කාන්තා ශූරතාව නැඟෙනහිර පළාත හා බීච් කබඩි පිරිමි ශූරතාව ඌව පළාත හිමිකර ගනිද්දී, බීච් වොලිබෝල් කාන්තා ශූරතාව නැඟෙනහිර පළාත හා එහි පිරිමි ශූරතාව උතුරු මැද පළාත හිමිකර ගනියි. බීච් කබඩි හා බීච් වොලිබෝල් කාන්තා ශූරතා දෙකම මෙවර නැඟෙනහිර පළාත හිමිකර ගැනීම විශේෂත්වයකි.

මීගමුව වෙරළ තීරයේ විශේෂ ක්‍රීඩාංගණයකදී මේ තරග පැවැති අතර බීච් කබඩි කාන්තා අවසන් තරගයේදී නැඟෙනහිර පළාත ලකුණු 39ක් ලබාගත් අතර උතුරු මැද පළාත ලකුණු 38ක් ලැබීමෙන් ලකුණු 1ක තියුණු ජයක් නැඟෙනහිර පළාතට හිමිවිය. තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති බස්නාහිර හා දකුණු පළාත් අතර තරගයෙන් බස්නාහිර පළාත ලකුණු 51-39ක ජයක් වාර්තා කළේය.

බීච් කබඩි කාන්තා පළමු අවසන් පූර්ව තරගයේදී නැඟෙනහිර පළාත හා බස්නාහිර අතර තරගයෙන් ලකුණු 45-40ක ජයක් වාර්තා කොට නැඟෙනහිර පළාත අවසන් සටනට පිවිස අතර දකුණු පළාත හා උතුරු මැද පළාත අතර දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 48-40ක් ලෙස උතුරු මැද පළාත ජය ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

බීච් කබඩි පිරිමි අවසන් තරගයේදී ඌව පළාත ලකුණු 50ක් ලබාගත් අතර නැඟෙනහිර පළාත ලකුණු 34ක් ලැබීමෙන් විශිෂ්ට ජයක් නැඟනහිර වාර්තා කළේය. තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේදී සබරගමුව හා බස්නාහිර පළාත් අතර තරගයෙන් සබරගමුව පළාත ලකුණු 48-19ක ජයක් වාර්තා කළේය.

පිරිමි පළමු අවසන් පූර්ව තරගයේදී නැඟෙනහිර පළාත හා සබරගමුව අතර තරගයෙන් ලකුණු 53-37ක ජයක් වාර්තා කොට නැඟෙනහිර පළාත අවසන් තරගයට පිවිසි අතර ඌව හා බස්නාහිර අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 51-39ක ජයක් ලැබූ ඌව පළාත අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

බීච් කබඩි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නැඟෙනහිර පළාතේ ආර්. ගජේන්ද්‍රනී සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඌව පළාතේ ටී. ආර්. සමරකෝන් සම්මානයට පාත්‍ර විය.

බීච් වොලිබෝල් කාන්තා ශූරතාව උදෙසා පැවැති අවසන් මහා තරගයේදී නැඟෙනහිර පළාතේ කසුනි තාරුකා හා වාසනා මධුමාලී විසින් වයඹ පළාතේ ඩී. ප්‍රසාදිනී හා එල්. ගුණසිංහ පරාජයට පත්කළ අතර තෙවැනි ස්ථානය සබරගමුව පළාතේ එස්. ඩී. ආර්. රණතුංග හා එන්. එස්. ජයවර්ධනට හිමි වූහ.

බීච් වොලිබෝල් පිරිමි අවසන් තරගයේදී වයඹ පළාතේ අශේන් රශ්මික හා එස්. එම්. යාපා විසින් බස්නාහිර පළාතේ ටිරෝන් ජයතිලක හා ජයාන් සංජූ පරාජයට පත් කළහ. එහි තෙවැනි ස්ථානය දකුණු පළාතේ ගීත් අලියරත්න හා හසිත ඩිලාන් හිමිකර ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here