බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියර අද රාජකීය විදුහල් පිටියේ

0
45


ශ්‍රී ලාංකේය පාසල් රග්බි පිටියේ පැරණිතම හා ප්‍රමුඛතම රග්බි තරගය ලෙස සැළකෙන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 75 වැනි වාර්ෂික බ්‍රැඩ්බි පළිහ රග්බි තරග ද්විත්වයේ දෙවැනි තරගය අද (15) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

පසුගියදා පල්ලකැලේ දී පැවැති මේ තරගයේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විදුහල් පිල සමත් වුයේ ලකුණු 34-17ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුණු 15-12ක් ලෙස පෙරමුණ ගත් රාජකීයයෝ දෙවැනි අර්ධයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරතවෙමින් ලකුණු 34-17ක් ලෙස ජය හිමිකර ගත්තේය.

මේ තරග ද්විත්වයේ ලකුණු එකතුවෙන් ශූරයන් තීරණය කෙරෙන අතර මේ වනවිට රාජකීය ක්‍රීඩකයෝ ලකුණු 17ක් ඉදිරියෙන් පසුවෙති.

පළමු අදියර ජය ගනිමින් පිට පිට තෙවැනි වරටත් කිරුළ අත්පත් කර ගැනීමේ අරමුණින් රාජකීය පිල අද තරග බිමට පිවිසෙන අතර ත්‍රිත්ව විදුහල අවසන් වරට බැඩ්බි පලිහ දිනා ගෙන ඇත්තේ 2015 වසරේදීය.

2016 වසරේ තරගයේ ලකුණු සමවීමෙන් දෙපිලම සම ශූරයන්වී තිබිණි.

මේ තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස පළමු අදියරේ පැති විනිසුරු ලෙස කටයුතු කළ ඉසංක අබෝකෝන් කටයුතු කරන අතර ප්‍රනීත් වෙරංග සහ දිලුම් දේශාන් පැති විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතය. ඉර්ශාඩ් කාදර් රූපවාහිනී තරග තීරක ලෙස කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here