බස්නාහිර පළාත් මේස පන්දු තරගාවලියේදී ඔනෙලි ලෙහන්සාට ත්‍රිත්ව ශූරතා

0
93


නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයීය 82 ආදි ශිෂ්‍ය සංගමය විදුහලට වසර 104ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ ඔනෙලි ලෙහන්සා සමත් වූවාය.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 498කගේ සහභාගිත්වයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති තරගාවලියේදී කාන්තා විවෘත අංශයේ අවසන් තරගයේදී ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ ඕෂදී උමයංගනා වට 2-0කින් (11/8, 11/6) පරාජය කරමින් ශූරතාව දිනාගත් ඔනෙලි, අවුරුදු 18න් පහළ සහ අවුරුදු 15න් පහළ කේවල ඉසව්වල ශූරතාද හිමිකර ගත්තාය.

යුද හමුදාවේ රසික මනෝජ් විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත් අතර ඔහු හමුවේ අවසන් තරගයේදී ගම්පහ ලයිසියම් විද්‍යාලයේ මහීත් ජයසුමන වට 2-0කින් (11/8, 11/9) පරාජයට පත්වූහ.

අවුරුදු 15න් පහළ තරගයේ ශූරතාව දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ අතිෆ් රුස්ති එම තරගයේ අනුශූරයා වූ ගම්පහ ලයිසියම් විද්‍යාලයේ සනුත් ජයසුමන හමුවේ අවුරුදු 18න් පහළ කේවල තරගයේදී පරාජයට පත්වීම කැපී පෙනුණි.

තරග ප්‍රතිඵල මෙසේය

අවුරුදු 8න් පහළ බාලක – 1.යෙනුල බිම්සර අබේවික්‍රම (කොළඹ ආනන්ද වි.) 2.අහිල් නබීල් (කොළඹ රාජකීය වි.), බාලිකා – 1.ෂනෙලා පෙරේරා (ගම්පහ සිරිකුරුස), 2.රනුකි සේනාරත්න (කොළඹ විශාඛා)

අවුරුදු 10න් පහළ බාලක – 1.සන්දිත් හෙන්දහේවා (කොළඹ රාජකීය), 2.පසිදු භාෂිත (බෝපිටිය ලොයොලා), බාලිකා – 1.මේකල්යා ප්‍රනාන්දු (මියුසියස්), 2.සසිනි පනාගොඩ (ගම්පහ සුමේධ වි.)

අවුරුදු 12න් පහළ බාලක – 1.දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම්), 2.දනුක ළමාසූරිය (කොළඹ ආනන්ද වි.), බාලිකා – 1.සඳින්ති ජයසිංහ (මියුසියස්), 2.ෂෙනාලි කාව්‍යා මෙන්ඩිස් (මියුසියස්)

අවුරුදු 15න් පහළ බාලක – 1.අතිෆ් රුස්ති (කොළඹ රාජකීය), 2.සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම්), බාලිකා – 1.ඔනෙලි ලෙහාන්සා (මියුසියස්), 2.මිනා හසීම් (කාන්තා වි.)

අවුරුදු 18න් පහළ බාලක – 1.සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම්), 2.අතිෆ් රුස්ති (කොළඹ රාජකීය), බාලිකා – 1.ඔනෙලි ලෙහන්සා (මියුසියස්), 2.නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ සිරිකුරුස)

විවෘත කේවල පිරිමි – 1.රසික මනෝජ් (යුද හමුදාව), 2.මහීත් ජයසුමන (ගම්පහ ලයිසියම්), කාන්තා – 1.ඔනෙලි ලෙහන්සා (මියුසියස්), 2.ඕෂදී උමයංගනා (බෞද්ධ බාලිකා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here