පොලිසියට පහරදුන් කණක හේරත්ගේ මැරයින් අත්අඩංගුවට

0
46


රාජපක්ෂ පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කනක හේරත් මහතාගේ මැරයින් පිරිසක් විසින් කෑගල්ල පොලිසියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදී ඇති බව වාර්තා වේ.

මෙසේ මැර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කෑගල්ල පොලිස්ථානයට අනියුක්තව රාජකාරියෙහි නිරත පොලිස් පරීක්ෂක වරයෙකු සහ සැරයන්වරයෙකි. පසුගිය සිකුරාදා (01) දින රාත්‍රී 07ත් 08ත් අතර මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති අතර පහරකෑමට ලක්වූ සැරයන්වරයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට පොලිස් පරීක්ෂක වරයා සිහිසුන්ව වැටී සිට ඇත.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරතව සිටින නිලධාරීන් දෙදෙනෙකු බවද පැවසේ.

කෙසේ නමුත් පහරදීමට සම්බන්ධ පිරිස හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන පසුගිය ඉරිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ලබන 08වනදා තෙක් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම සිදුවීම වනවිට ඒ අසළ ප්‍රාදේශීය විද්‍යුත් මාධ්‍ය නාලිකා දෙකක මාධ්‍යවේදීන්ද සිට ඇති නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යයක් වාර්තා නොකිරීමද විශේෂයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here