පොලිස් ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට

0
60


එංගලන්තයේ වොස්ටර්ෂයර් ප්‍රාන්තයේදි පසුගියදා නිමාවට පත්වූ 6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සහකාර පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

විස්සයි20 තරගාවලියක් ලෙස පැවැති මේ ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සමග,එංගලන්තය, අයර්ලන්තය, කැනඩාව, අමෙරිකාව සමග බටහිර ඔස්ට්‍රේලියාව තරග වැදුණි. එහිදි අවසන් මහා තරගයෙන් බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මේ තරගාවලියට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූල්‍යමය ප්‍රතිපාදන ලබා දී තිබූ අතර ඒ පිළිබඳ ස්තූතිය පිරිනමන බව පෙරේදා දිවයිනට පැමිණී පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායක කමල් පුෂ්පකුමාර මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here