පොලිස් රාජකාරියට බාධාකළ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි රිමාන්ඩ්

0
14


වෙන්නප්පුව සීනෝර් හන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරිය ලබන 6 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සිද්ධියට අදාල සැකකාරියන් අද(30) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී තිබේ.

පසුගිය 19 වැනිදා රියදුරු බලපත්‍ර නොමැතිව අධික වේගයෙන් පැදවූ යතුරු පැදියක් නවතා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී එම ස්ථානයට පැමිණි අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ ඇගේ පියා ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරී ඇති අතර පසුදා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

එහිදී අද දිනය දක්වා සැකකාරියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දු වන යතුරු පැදිය පැදවූ ඇයගේ සහෝදරිය ය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here