Home උණුසුම් පුවත් පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුමේ තීන්දු නියෝගය බදාදා

පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුමේ තීන්දු නියෝගය බදාදා

0
25


(නිමන්ති රණසිංහ)

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කළ පැමිණිල්ලේ තීන්දු නියෝගය ජුලි 17 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනිඅවි ආඥා පනත යටතේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති , ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබිණි.

එම නියෝගයෙන් පසු අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කළ සමන් දිසානායක මහතා තමා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී  සමන් දිසානායක මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය නිලධාරියකු වන එම නිලධාරියා ඉහළ නිලධාරින්ගේ නියෝග අනුව කටයුතු කළ බවයි.

ඉහළ නිලධාරීන් අත්අඩංගුවට නොගෙන පහළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම අසාධාරණ යැයි සමන් දිසානායක මහතාගේ පාර්ශවයේ නීතිඥයා අධිකරණයට පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here