පෙරියාරු ගඟ ඉස්මත්තේ කරත්තවලින් දැව ඇද්ද 4ක් කොටු

0
60


සෝමාවැතිය ජාතික උද්්‍යානයේ පෙරියාරු ගග ඉස්මත්තේ නිති විරෝධි ලෙස ගවයින් බැදි කරත්ත 4කින් දැව ප්‍රවාහනය කරමින් සිටියදි දැව සමග සිව් දෙනකු (21) දින අත්අඩංගුවට ගත් බව සොමාවැතිය වනජිවි කාර්යාලයේ නිලදාරිහු පවසති.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹාල, ඕනැගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු සහ ඔහුන්ට අයත් ගවයින් බැදි කරත්ත හතරක් බවත් මෙම පුද්ගලයින් කලක පටන් නිති විරෝධි ලෙස හොර රහසේ සෝමාවැතිය ජාතික උද්යානයට ඇතුල් වි එහි ඇති විශාල ගස්වලට ගිනි තබා එම ගස් විනාශ විමෙන් පසු කරත්තවල පටවාගෙන දර ලෙස රැගෙන යන බවට තොරතුරු ලැබුණ බවත් ඒ අනුව විශේෂ වැටලිමක් සිදු කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව සොමාවැතිය කාර්යාලයේ වනජිවි නිළධාරිහු පවසති.

මෙම වැටලිම සදහා සොමාවැතිය ජාතික උද්‍යානයේ භාරකරු ඩබ් එච් එල් කේ වාසල අඩව් සහකාර සුරංග නියාමකවරුන් වන ආරියරත්න , සමීර , , සුජිත්, හේමනාත්, සහ සිවිල් ආරක්ෂක ජයරත්න, විමලරංග යන නිලදාරින් මේ සදහා සහභාගි වි තිබේ.

අත්අඩංගුවට ගත් කරත්ත සහ පුද්ගලයින් (21) දින හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බව වනජිවි නිලදාරිහු පවසති.

මැදිරිගිරිය සමුහ ඩබ් ඒ පියතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here