පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ත් අද සිට ධාවනයේ

0
95


COLOMBO (News 1st) : කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා අද සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ලෙස මෙම දුම්රිය නම් කර ඇති බවයි.

එම දුම්රිය අද සිට දිනපතා පස්වරු 3 .05ට කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන අතර, එය රාත්‍රී 7.47 ට පොළොන්නරුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව තිබේ.

පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් යළි අලුයම 03.45 ට ධාවනය ආරම්භ කරන මෙම දුම්රිය උදෑසන 09 .08 ට කොටුව දුම්රිය ස්ථානයට ළඟාවනු ඇති.

දුම්රිය පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හබරන සහ හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල පමණක් නවත්වන බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මෙම දුම්රිය වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියකින් ද සමන්විතයි.

 

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here