පීපල්ස් ලීසිං වෙතින් කාසල් කාන්තා රෝහලට ‘ඩිජිටල් එක්ස් කිරණ’ විසඳුමක්

0
68


ඔක්‌ 22, 2019 01:00

මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලෙහි සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණයට දායකත්වය සපයමින් රුපියල් මිලියන 5කට අධික වටිනාකමකින් යුතු ‘ඩිජිටල් එක්ස් කිරණ’ විසඳුමක් (Digital X- Ray Solution) පරිත්‍යාග කෙරුණි.

පීපල්ස් ලීිසිං සමාගම විසින් පරිත්‍යාග කළ ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම’ කාසල් කාන්තා වීදීයේ රෝහල වෙත ලබා දීම පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (අලෙවි) ලක්සඳ ගුණවර්ධන මහතා හා එම රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

වසර 2015 සිට රෝහල් සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රමානුකූලව ඩිජිටල්කරණයට ලක්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තෘතියික රෝහලක් වන කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහල විසින් කළ ඉල්ලීමකට අනුව මේ පරිත්‍යාගය සිදු කෙරුණි.

විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මට්ටමේ නව ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම ලැබීමත් සමඟ එම පහසුකම් අවශ්‍ය මවුවරු, අලුත උපන් දරුවන් හා නොමේරු දරුවන් ඉතා අවම එක්ස් කිරණ ප්‍රමාණයකට පමණක් නිරාවරණයවීමකින් සිදුවන අතර, එම ඩිජිටල් ඡායාපිටපත් ඉතා නිවැරැදිව බැලීමේ හැකියාවෙන් රෝගී තත්ත්වය ඉතා සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් වෛද්‍යවරුන්ට ඉතා නිවැරැදිව රෝග විනිශ්චයට උපකාරි වේ.

එමෙන්ම මේ නව ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම’ මගින් සැපයෙන දත්ත පරිගණක ඔස්සේ වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන වෙනත් රෝහල් අංශ වෛද්‍යවරුන් වෙත පහසුවෙන් ඉතා කෙටි කාලයක් තුළ දී සැපයිය හැක. තව ද මේ නව ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම’ හේතුවෙන් භාවිතයෙන් පසු එක්ස් කිරණ ඡායාරූප බැහැරලීමේ දී පරිසරයට එකතු වන සිල්වර් නයිට්ට්‍රේට් වැනි පරිසරයට හානිකර රසායනිකයන් මුදාහැරීම සිදු නොවීමෙන් එහි ක්‍රියාවලිය පරිසර හිතකාමීද වූවකි.

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here