පිට පිට දෙවැනි වතාවටත් අවසන් තරගයට යාම සතුටක්

0
6


ඉන්දියාව හමුවේ ලකුණු 239ක් රැස් කළත්, එය සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් බව දැන සිටියේ යැයි නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් තරගයෙන් පසුව කීවේය.

‘අපේ ඉනිම අතරතුර තරගයෙන් භාගයක් යද්දී අපිට හිතුණා ලකුණු 240ක් හරි 250ක් හරි ගත්තානම් තරගයක් දෙන්න පුළුවන් කියලා. මොකද ඒ තරමට තණතීරුව වෙනස්වෙලයි තිබුණේ.’ ඔහු කීවේය.

තරගය අතරතුර දෝනි ඉතා මන්දගාමීව ක්‍රීඩා කළ බවත්, ඔහු තම කණ්ඩායමේ සිටියා නම් ඉදිරියේදී ඉවතට දමන්නේදැයි එක්තරා ඉන්දීය වාර්තාකරුවකු විලියම්සන්ගෙන් අසා සිටියේය.

‘දෝනි කියන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. ඔහු අති විශිෂ්ට තරග නිමා කරන්නෙක්. එවැනි ක්‍රීඩකයෙක් ඕනෑම කණ්ඩායමකට ඉතා වටිනවා. අවාසනාවකට ඔහුට නවසීලන්තයට ක්‍රීඩා කිරීමට අවසරයක් නෑ. එහෙත් ඔහු ඔහුගේ පුරවැසිභාවය වෙනස් කරනවා නම් අපිට ඔහු ගැන සළකා බලන්නත් පුළුවන්.’ විලියම්සන් සිනාසෙමින් එසේ කීවේය.

දැන් නවසීලන්තය පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටී. ‘නවසීලන්තයේ සිටින අපේ ක්‍රීඩාලෝලීන් මේ මොහොතේ අතිශය සතුටින් පසුවෙනවා ඇති.’ විලියම්සන් එසේ පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here