පාස්කු ප්‍රහාර: “සහරාන් ISIS කොඩිය අරන් යනකොට පොලිසිය කොහෙද හිටියේ? – පොලිසියයි තවුහිද් ජමාත් සංවිධානයයි එකට වැඩ කරන්නේ”

0
51


Image copyright
Facebook

ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරුන් 05 දෙනෙකුට වාචිකව සහ ලිඛිතව දැනුම් දී ඇති බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර (ජුනි 11) ප්‍රකාශයක් ලබා දෙමින්ය.

“අද රජයක් තියෙනව ද? ජනාධිපති කෙනෙක් ඉන්නවා ද? කියන එක අපිට ප්‍රශ්නයක්.” යනුවෙන් ද ඔහු පැවසීය.

“තවුහිද් ජමාත් ගැන ආරක්ෂක ලේකම්වරු 05 දෙනෙකුට අපි වාචිකව හා ලිඛිතව කියල තියෙනවා. ඒත් පොලිසියයි තවුහිද් ජමාත් සංවිධානයයි එකට වැඩ කරන්නේ. ඒ නිසා අපි කියපු දේවල් වලින් වැඩක් වුණේ නැහැ.”

ISIS ධජය

සහරාන් ඇතුළු කණ්ඩායමක් ISIS ධජය ඔසවාගෙන නැගෙනහිර පළාතේ පෙනී සිට ඇති බව ද හිටපු ආණ්ඩුකාරවරයා හෙළිදරව් කළේය.

හිටපු ආණ්ඩුකාරවරයා තවදුරටත් කියා සිටියේ “සහරාන් ඇතුළු කණ්ඩායම තාත්තන්කුඩියේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්ට කළ හිරිහැර ගැන පොලිසියට පැමිණිලි 09ක් දැම්මා.” යනුවෙනි.

“2017 සහරාන් සාම්ප්‍රදායික මුස්ලිම් ගෙවල් 120ක් ගිනි තැබුවා. පොලිසිය බැලුවේ නැහැ. අන්තිමේ දී සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණය කළා. ඒ වෙලාවේ පොලිසිය සහරාන්ව අත්අඩංගුවට ගන්න යනකොට තාත්තන්කුඩියේ OICව මාරු කළා.” ඔහු ප්‍රකාශ කළේය.

  • ආරක්ෂක කවුන්සිලයේ දී “මම වින්දනයක් ලැබුවා; මම අසරණ ලේකම්වරයෙක්” -හේමසිරි ප්‍රනාන්දු
  • වැරදිකරු වෙලා ගෙදර යනව ද? වරද පිළිගෙන අස්වෙනව ද? ජනපති ඇසුවා -පොලිස්පති

“අපේ බුද්ධි අංශ කෝ?”

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සාක්ෂි දෙමින් සිටිය දී රාජිත සේනාරත්න ඇමතිවරයා හරස් ප්‍රශ්න කිහිපයක් නැගීය.

රාජිත: සහරාන් ඒ වෙනකොට රාජ්‍ය බුද්ධි අංශයෙන් පඩි ගන්න 26 දෙනාගෙන් කෙනෙක් බව දන්නවා ද?

අසාද් සාලි: නෑ.

රාජිත: කාත්තන්කුඩියේ පොලිසිය අසරණ වෙන්න ඇත්තේ ඒ හින්ද තමයි.

සාලි: සහරාන්ට සහ ISIS එකට විරුද්ධව දිගටම විරෝධය පළ කළේ මුස්ලිම් අය. නැගෙනහිර පළාතේ ISIS කොඩිය අරන් යනකොට අපේ බුද්ධි අංශ කෝ? පොලිසිය කොහෙද හිටියේ?

තවත් විස්තර ඉක්මනින් බලාපොරොත්තු වන්න.

කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here