සංචාරක පාකිස්තාන පිලට එරෙහිව මේ මස 21 වැනිදා බ්‍රිස්බේන් නුවරදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියට නවක වේගපන්දු යවන්නකු ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය ලෝක කුසලාන තරගාවලියේදි එංගලන්තයට එරෙහිව තරග 2කට පමණක් ක්‍රීඩා කර ඇති 29 හැවිරිදි මයිකල් නේසර් ඔස්ට්‍රේලියානු පිලේ පස්වැනි වේගපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය.
මීට අමතරව ආරම්භක පිතිකරු යුගලය ලෙස කැමරොන් බැන්ක්‍රොෆ්ට් සහ ජෝ බර්න්ස් ද කණ්ඩායමට ඇතුළත් වන අතර ට්‍රෙවිස් හෙඩ් ද මැදපෙළ පිතිකරු අංශය ශක්තිමත් කිරීමට එක්වී සිටී. අළුබඳුන ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කළ උස්මාන් කවේජා, පීටර් සිඩ්ල් සහ මාකස් හැරිස් කණ්ඩායමට ඇතුළත් නොවෙති.
ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ නායකත්වය ටිම් පේන්ට යළි හිමිවී ඇති අතර ඔහුගේ සහායට පැට් කමින්ස් සහ ට්‍රෙවිස් හෙඩ් උපනායකයන් ලෙස පත් කර තිබේ.
ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය මෙසේය. ටිම් පේන් (නායක), පැට් කමින්ස් (උපනායක), ට්‍රෙවිස් හෙඩ් (උපනායක), කැමරොන් බැන්ක්‍රොෆ්ට්, ජෝ බර්න්ස්, ජොෂ් හේස්ල්වුඩ්, මානස් ලබුස්චැග්නි, නේදන් ලියොන්, මයිකල් නේසර්, ජේම්ස් පැටින්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්.