පසුගිය අප්‍රේල් වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාඟමේ අලාභය බිලියන 230 ක්

0
16


ශ්‍රී ලංකන් ගුවන් සමාඟමේ වත්මන් මූල්‍ය තත්වය සම්බන්ධව කෝප් කමිටුවේදී ඊයේ(20) දින විමර්ශනය කෙරුණු අතර එය මාධ්‍යට විවෘත කර තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාඟමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් පොදු ව්‍යාපාර කාරක සහාව හෙවත් කෝප් කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියේය.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ විඝණකාධිපති වාර්තාව අනුව 2019 අප්‍රේල් 30 වනවිට ශ්‍රී ලංකා ගුවන් සමාඟමේ ණය රුපියල් බිලියන 146ක් බවත් සමුච්චිත අලාභය රුපියල් බිලියන 230ක් බවත් රාජ්‍ය බැංකු සඳහා ගෙවිය යුතු ණය රුපියල් බිලියන 102ක් පමණ පවතින බවත් ය. මේ අතර ඛණිජ තෙල් සංස්ථාවට ද ණය මුදල් ගෙවීමට ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාඟමේ මූල්‍ය අර්බුධය විසඳීමට මුදල් අමාත්‍යාශයට සහය ලබාදිය නොහැකි බව එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාඟමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කර සිටියේ පසුගිය සමයේ ලබාගත් ගුවන් යානා සඳහා ගෙවීමට ඇති මුදල හේතුවෙන් මෙම මූල්‍ය අර්බුධය හටගෙන ඇති බවය.

එහිදී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටියේ රජයේ ආයතන මගින් ශ්‍රී ලංකා ගුවන් සමාගමට ගෙවිය යුතු රුපියල් මිලියන 123ක් පවතින බවත් එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙසත්ය. ඒ අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මිලියන 114ක් ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මිලියන 9ක් ද පවතින බව සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙසත් අදාල නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් කෝප් කමිටුව ශ්‍රී ලංකන් ගුවන් සමාඟමට නිර්දේශ කර සිටියේය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here