පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

0
46


අද(14) උදෑසන පස් කන්දක් කඩාවැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි මූර්ති රාජේන්ද්‍රන් නැමති දෙදරු පියෙකි.

පස් කන්ද කඩා වැටීමත් සමඟ මෙම පුද්ගලයා අඩි 20ක් පමණ පහළින් පිහිටි නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ කොන්ක්‍රීට් කානුවක් තුළට ඇද වැටී ඇති බවත් එම අනතුරින් ඔහු මියගොස් ඇති බවත් ස්ථානීය මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අතර නෝර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස 10කට හානි සිදුව ඇතැයි ද වාර්තා විය. එමඟින් පවුල් 11කට අයත් පුද්ගලයන් 59ක් අසීරුතාවයට පත්ව ඇත.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ශාවත් සමඟ පස්කඳු කඩා වැටීමේ අවධානමක් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අනතුරු ඇඟවීමක් ද නිකුත් කළේය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here