නැගී එන ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක

0
8


ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මේ මස අගදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

චරිත් අසලංක නායකත්වය දරණ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එහිදි දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්වවිද්‍යාල කණ්ඩායම සමග තුන්කොන් තරගාවලියකට එක්වන අතර අනතුරුව දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමගින් සිවුදින තරග 2කට එක්වීමට නියමිතය.

මේ මස 29 වැනිදා ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තරගයෙන් තුන්කොන් තරගාවලිය ආරම්භ වන අතර එහි අවසන් මහා තරගය ලබන මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය. අනතුරුව ලබන මස 18 වැනිදා සිට 21 දක්වා පළමු සිවුදින තරගයත්, 25 වැනිදා සිට 28 වැනිදා දක්වා දෙවැනි සිවුදින තරගයත් පැවැත්වෙනු ඇත.

මේ කණ්ඩායම් දෙකම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව ඇති අතර ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ 18 හැවිරිදි ක්‍රීඩක කළන පෙරේරා මේ සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. ඔහු එක්දින සහ සිවුදින සංචිත දෙකටම ඇතුළත්ව ඇති අතර පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු ද මේ සංචිත දෙකටම එක්ව සිටිති.

නැගී එන එක්දින සංචිතය

චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, අශෙන් බණ්ඩාර, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කළන පෙරේරා, ඩිල්ෂාන් මධුෂංක, ළහිරු මධුෂංක, අමිල අපෝන්සු, රමේෂ් මෙන්ඩිස්, සංගීත් කුරේ.

නැගී එන

සිවුදින සංචිතය

චරිත් අසලංක (නායක), ළහිරු උදාර, හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කළන පෙරේරා, මොහොමඩ් ශිරාස්, ජෙහාන් ඩැනියෙල්, ලසිත් ඇඹුල්දෙණිය, නිෂාන් පීරිස්, ප්‍රමෝද් මධුවන්ත, අශේන් බණ්ඩාර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here