දුම්රිය වර්ජකයන්ට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක්

0
42


දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබිය දී වැඩ වර්ජනයේ නිරතවීම හේතුවෙන් එම සේවකයන්ට එරෙහිව කොටුව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

ආයතන ප්‍රධානී ලෙස තමාවෙත පැවරී ඇති බලතල ප්‍රකාරව චෝදනා 7ක් යටතේ පැමිණිල්ල ගොනුකර ඇති බවත් වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ට අදාල නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

වැටුප් විශමතා අර්බුධය විසඳීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබියදී මුදල් අමාත්‍යාංශය ඊට අදාල පියවර නොගන්නා බව පවසමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක් වැඩ වර්ජනයේ නිරත වීමට තීරණය කර තිබිණි.

මෙම ගැටළුව සම්බන්ධව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡා සිදුකර ඇතත් ගැටලුවට විසඳුම් ලැබී නැතැයි වර්ජකයෝ පවසති. ඒ අනුව පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දෙදින සංකේත වැඩ වර්ජනයක නිරත විය. ඉන් පසුව සිය ඉල්ලීම් ලබා දෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක් වැඩ වර්ජනය කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසා තිබිණි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක විය.

එසේම ඊයේ දින දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය ද නොතකා දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටිති.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here