ද්විත්ව පුරවැසියෙකු අපේක්ෂකයෙකු වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි

0
22


ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් ඕනෑම පුරවැසියෙකුට එම අපේක්ෂකයාට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමේ නීතිමය හැකියාවක් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද(14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයක් ලබාදෙන බවත් එම කාලය තුළදී විරෝධතා ඉදිරිපත් කිරීමටත් එසේ නැතහොත් පසුව අධිකරණයට යාමටත් හැකියාව පවතින බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අනුව අපේක්ෂක අයදුම්පත ඉදිරිපත් කිරීමේදී සත්‍ය තොරතරු ලබාදීම අපේක්ෂකයාගේ වගකීම බව ද පැෆරල් සංවිධානය සඳහන් කරයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here