තිලංගට වාරණයක් – UPDATE

0
28


සැප් 10, 2019 15:30
හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පනවා තිබේ.
 
ඒ  ක්‍රීඩා අමාත්‍යවරයා හරීන් ප්‍රනාන්දු මහතා විසිනි.
 
ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීම වළක්වා ඇති බව වාර්තාවේ .
 
ඒ අනුව ඉදිරියටත් තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගලගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.


තිලං­ගට ක්‍රිකට් තහ­න­මක්

ප්‍රශ්න­යක් ආවොත් ඒ වෙලා­වට බලා­ගනිමු 
– සුම­ති­පාල කියයි

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනත ප්‍රකා­රව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී තිලංග සුම­ති­පාල මහ­තාට ක්‍රිකට් ආය­ත­නයේ කිසිදු ආකා­ර­යක තන­තු­රක් දැරීම වළ­ක්වා­ල­මින් විශේෂ නියෝ­ග­යක් නිකුත් කරයි. මේ තාව­කා­ලික තහ­නම බල­පැ­වැ­ත්වෙන කාලය අත­ර­තුර සුම­ති­පාල මහ­තාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හිටපු සභා­ප­ති­ව­රයා ලෙස විධා­යක කමි­ටුව නියෝ­ජ­නය කිරී­මට හැකි­යා­වක් ඇත්දැයි සොයා බැලී­මට ත්‍රී පුද්ගල කමි­ටු­වක් පත්කි­රී­ම­ටද ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ඊයේ පිය­වර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සාමා­ජික සංග­ම­යක් වන පිළි­ය­න්දල ක්‍රීඩා සමා­ජය විසින් ඇමැ­ති­ව­ර­යාට එවූ විරෝ­ධ­තා­වක් සලකා බලා මේ තාව­කා­ලික තහ­නම නිකුත් කොට තිබේ. එම ක්‍රීඩා සංග­මය විරෝ­ධ­තා­වෙන් පෙන්වාදී ඇත්තේ පසු­ගි­යදා ක්‍රීඩා ඇමැ­ති­ව­රයා නිකුත් කළ ගැසට් පත්‍ර­යක් අනුව සුම­ති­පාල මහ­තාට ක්‍රිකට් විධා­යක කමිටු සාමා­ජි­ක­යකු ලෙස තන­තු­රුක් දැරිය නොහැකි බවයි.

ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපා­ර­යක නියැලී සිටින තැනැ­ත්තෙක් හෝ ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යෙක් ක්‍රීඩා කමි­ටු­වක සාමා­ජි­ක­ය­කු­වීම හෝ නිල­තල දැරීම නුසු­දුසු බව ඇමැ­ති­ව­රයා නිකුත් කළ ගැසට් නිවේ­ද­න­යෙන් ප්‍රකාශ වූ අතර එය ක්‍රීඩා පනත සමග කිය­විය යුතු ක්‍රීඩා නියෝ­ග­ව­ලට ඇතු­ළත් කොට තිබිණි.

සුම­ති­පාල මහ­තාට ක්‍රිකට් විධා­යක කමිටු සාමා­ජි­ක­යෙක් ලෙස තන­තු­රුක් දැරිය හැකිද යන්න තව­දු­ර­ටත් සොයා බලා මසක් ඇතු­ළත වාර්තා­වක් ලබා­දී­මට ත්‍රී පුද්ගල කමි­ටු­වට දන්වා ඇත. ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ධම්මික මුතු­ගල මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් ත්‍රී පුද්ගල කමි­ටුවේ ලේකම් ලෙස ක්‍රීඩා අමා­ත්‍යංශ නිතී නිල­ධාරි ශිරෝමි රණ­වක මහ­ත්මිය හා විශ්‍රා­ම­ලත් ජ්‍යෙෂ්ඨ පරි­පා­ලන නිල­ධාරී නීතිඥ එස්.ඩී. පිය­දාස මහතා සමා­ජි­ක­යකු ලෙස කට­යුතු කරති.

මේ අතර මේ නියෝ­ගය නිකු­ත්වී­මට පෙර ඊයේ පෙර­ව­රුවේ තිලංග සුම­ති­පාල මහතා පුංචි බොරැල්ල කාර්යා­ලයේ පැවැති මාධ්‍ය හමු­ව­කදී පැවැ­සූවේ ගැසට් පත්‍රය අනුව යම් අව­හි­ර­තා­වක් තමන්ට ඇති වුව­හොත් අවශ්‍ය පිය­වර ගැනී­මට සූදා­න­මින් සිටින බවයි. “ප්‍රශ්න­යක් ආවොත් ඒක ඒ වෙලා­වට බලා­ගමු” සුම­ති­පාල මහතා තහ­නම ප්‍රකා­ශ­වී­මට පෙර මාධ්‍ය­වේ­දි­යෙක් නැගූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් පැවැ­සීය.

එම මාධ්‍ය හමු­වේදී ඒ මහතා පැවැ­සූවේ “මගේ පෞද්ග­ලික මතය නම් මේ ගැසට් නිවේ­ද­නය හොඳයි. මේ පිළි­බඳ මාව ඉලක්ක කර­ගෙන යන්න ඇතැම් අය බල­නවා. නමුත් මගේ ස්ථාව­රය වසර ගණ­නා­වක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩාවේ තරග තහ­නම ගැන කතා කරන නිසා මෙය හොඳ බවයි. මගේ ක්‍රිකට් පරි­පා­ල­නයේ වසර 25ක පමණ කාලය තුළ මගේ නම තරග පාවා­දී­ම්ව­ලට ගෑවිලා නෑ. මගේ නි

නිල­ධා­රි­යෙක්ගේ නමක් ගෑවි­ලා­වත් නෑ. මගේ කාලයේ ක්‍රීඩ­ක­යන්ට චෝදනා එල්ල වුණෙත් නෑ. ඒ නිසා ගැසට් එකෙන් මාව නිදොස් කොට නිද­හ­ස්කර තිබෙ­නවා. ගැසට් එකේ අව­සා­නයේ ඥාති සම්බන්ධ ඇති අයට නිල­තල දැරිය නොහැ­කියි කියලා තියෙ­නවා. මා හැම විටම සමා­ජ­යට ඇත්ත කියලා තිය­නවා. මාධ්‍ය­යට ඇත්ත කියලා තියෙ­නවා. සූදු ඔට්ටු තැබීම මට සම්බන්ධ නෑ. මාගේ පවුලේ අයට නෑ. නමුත් මගේ ඥාතීන්ට එවැනි දෑ තියෙ­නවා. ඒක මා දැනන් සිටියා. කවුරු හරි ඉන්න­ව­නම් ඒ ගැන කරුණු ඉදි­රි­පත් කරන්න ඒකට මුහුණ දෙන්න මට පුලු­වන්” සුම­ති­පාල මහතා පැවැ­සීය.

සුම­ති­පාල මහතා මේ මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් පව­ත්වා­ගෙන යන ක්‍රිකට් ඒඩ් සම්බ­න්ධව කරුණු පැහැ­දිලි කිරී­ම­ටය. පාර්ලි­මේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමි­ටුව මගින් ද ප්‍රශ්න කොට ඇති මේ ක්‍රිකට් ඒඩ් තුලින් කිසිදු අක්‍ර­මි­ක­තා­වක් සිදු නොවූ බවට සුම­ති­පාල මහතා සහ­තික විය.

ක්‍රිකට් ඒඩ් සම්බ­න්ධව කෝප් කමි­ටුවේ ප්‍රශ්න කරද්දී අප­හැ­දිලි ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­තන නිල­ධා­රීන් පිළි­තුරු ලබා­දුන් බව ඒ මහ­තාගේ අද­හස විය. “කෝප් එකේදී ක්‍රිකට් කැම්පස් පිළි­බඳ ප්‍රශ්න­යක් මතු වුණා. ඒ නම දැම්මේ අපි. වඩාත් ආක­ර්ශ­නය ලබා ගැනී­ම­ටයි. ඒක ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ තාක්ෂ­ණ­යක් ඇති හොඳම පර්යේ­ෂණ පුහුණු මධ්‍ය­ස්ථා­න­යක් ලෙස පව­ත්වා­ගෙන යන්නයි සැල­සුම් හදලා තියෙන්නේ. ඒ සඳහා තෝරා­ගත් ඉඩම රුපි­යල් මිලි­යන 400ක් වටි­නවා. එය අයත් පන්ස­ලට රුපි­යල් මිලි­යන 25ක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­ත්‍යාග කළා. පළමු අවු­රුදු තුනට බදු ගිවි­සු­මක් අනුව ලක්ෂ 7.5ක් දී තිබෙ­නවා. මේ සිද්ධිය අලලා අපේ නායක ස්වාමීන් වහ­න්සේ­ලාට අප­හ­සු­තා­වක් ඇති කිරීම හොඳ නෑ. මොකද මේ වගේ සිද්ධීන් ඉති­හා­සයේ ඕනෑ තරම් වෙලා තිය­නවා. පන්ස­ලට අයත් දේ ජාතික වැද­ග­ත්ක­මක් ඇති කට­යු­ත්ත­කට යොමු කිරීම පහසු නිසයි ඉඩම ශ්‍රී ලංකා ක්‍රිකට් ලබා ගත්තේ. ඛෙත්තා­රාම ක්‍රිකට් පිටිය හැදුවේ පන්සල් ඉඩ­ම­කින්. රංගිරි දඹුලු පිටිය පිහිටි ඉඩ­මත් පන්ස­ල­කට අයත්. ඒ වගේම පල්ලේ­කැලේ ඉඩ­මත් එහෙ­මයි. ඒ නිසා මේක අලුත් සිද්ධි­යක් නොවෙයි. ක්‍රිකට් ඒඩ් නිසා ශ්‍රී ලංකාවේ අස­රණ ජන­තා­වට විශාල සේව­යක් කොට තිබෙ­නවා. ජන­තා­වත් ක්‍රීඩ­ක­යාත් අතර බැදීම ක්‍රිකට් ඒඩ් නිසා වැඩි වුණා. ඒකයි මේ සමාජ සත්කා­රයේ පර­මා­ර්ථය” තිලංග සුම­ති­පාල මහතා පැවැ­සීය.

ප්‍රින්ස් ගුණ­සේ­කර

lead



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here