තායිලන්තයේ දිය ඇල්ලෙන් වැටී මියගිය අලි සංඛ්‍යාව 11ක් වෙයි

0
13


තායිලන්තයේ වනෝද්‍යානයක දිය ඇල්ලකින් පහළට වැටීමෙන් මිය ගිය අලි සංඛ්‍යාව 11 දක්වා වර්ධනය වී ඇති බව වනෝද්‍යාන බලධාරීහු පවසති. පසුගිය දා මාධ්‍ය විසින් එය වාර්තා කරන විට මරණයට පත් වූ අලි සංඛ්‍යාව 6ක් ව තිබුණි. නමුත් පසුව ලැබුණු ඩ්‍රෝන ඡායාරූපවලට අනුව අලින්ගේ මළ සිරුරු ගණනෙහි මෙලෙස වර්ධනයක් සිදුව ඇති බව

අනාවරණය කරගෙන ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම මධ්‍යම තායිලන්තයේ කාවෝ යායි ජාතික වනෝද්‍යානයේ දී සිදුව ඇති අතර එරටෙහි ජාතික වනෝද්‍යානයක දී වල් අලි සම්බන්ධව සිදු වූ විශාලතම ව්‍යසනය ලෙස හැඳින්වේ. මෙසේ අලි මරණයට පත්ව ඇත්තේ කුඩා අලි පැටවෙකු බේරා ගැනීමට උත්සහ කරමින් සිටිය දී බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here