තර්ජන එල්ලවන බවට කුරුණෑගල මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් පැමිණිල්ලක්

0
20


කුරුණෑගල මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කරුණෑගල පොලිස් ස්ථානය වෙත අද(14) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහි නඩුවට අදාලව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු තමාට විවිධ පාර්ශ්ව විසින් තර්ජන සිදුකරන බව පවසමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පසුගිය 9 වැනිදා වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ නඩුව අධිකරණය හමුවේ කැඳවා තිබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල කරුණු වාර්තා කිරීමෙන් පසු තමාට මෙලෙස තර්ජන එල්ලවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා තිබේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here