ට්‍රම්ප්ගෙන් ජපාන අගමැති ෂින්සෝ අබේට අපූරු උපන්දින සුබපැතුමක්

0
14


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජපාන අගමැති ෂින්සෝ අබේ වෙත කළ අපූරු උපන්දින සුබපැතුමක් පිළිබඳ පුවතක් වාර්තා වේ. ජපාන අගමැතිවරයාගේ උපන්දිනයෙන් සති දෙකකට පසුව ධවල මන්දිරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු විසින් මෙය සිදු කර ඇත.

අමෙරිකාව සහ ජපානය අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් පැවති එම සාකච්ඡාව ආරම්භ කර ඇත්තේ මේ උපන්දින සුබපැතුම සමඟය. සැප්තැම්බර් 21වන දින සිය 65වන උපන්දිනය සැමරූ ජපාන අගමැතිවරයාගේ වයස මේ උපන්දින සුබපැතුමට අනුව 39කි. එය අමෙරිකානු ජනාධිපති විසින් කළ විහිළුවක් වුව ද සුබපැතීම සඳහා වූ සති දෙකක ප්‍රමාදය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් බවට පත්ව ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here