ජේසන් රෝයි අද තරගයට නෑ

0
50


එංගලන්ත ආරම්භ පිතිකරු ජේසන් රෝයි ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග 2ක් අහිමි වෙයි. ඒ අනුව අද (18) මැන්චෙස්ටර්හිදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන තරගයත්, මේ 21 වැනි සිකුරාදා ලීඩ්ස්හිදී ශ්‍රී ලංකා පිල සමග පැවැත්වෙන තරගයටත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවී තිබේ.

පසුගිය 14 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිල සමග සවුත්හැම්ටන් හිදි පැවැති තරගයේදී ඔහු පාදයේ ආබාධයකට ලක්විය. පසුගිය සෙනසුරාදා සිදුකළ එම්.ආර්.අයි. පරීක්ෂණය අනතුරුව තරග 2කින් ඔහුව විවේක ගැන්වීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 54ක් රැස්කළ ඔහු බංග්ලාදේශය සමග තරගයේදී ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here