ජාතිවාදී පදනමින් පොළ භූමිය තමනම් කළ පොහොට්ටුවේ සභාපති උසාවි කැඳවයි

0
52


පොහොට්ටු පක්ෂයට බලය හිමි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී. සුසන්ත පෙරේරා මහතා ඇතුළු 06 දෙනකුට ලබන 28 දා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ ඔහු විසින් දංකොටුව සතිපොළෙහි වෙළඳාම් කරන වෙළඳුන්ගෙන් ජාතිවාදී පදනම මත පිරිසකට වෙළඳාම් කිරීම තහනම් කරමින් දංකොටුව සති පොළට අදාළව නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව ය.

දන්කොටුව සති පොළේ මුස්ලිම් වෙළෙඳුන්ට වෙළඳාම් කිරීම තාවකාලිකව තහනම් කරමින් සභාපතිවරයා විසින් එම ලිපියක් නිකුත් කර තිබිණි.

සභාපතිවරයා විසින් මෙම ලිපිය දන්කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත යවා තිබිණි.

පසුගිය කාලයේ රට තුළ ඇති වූ අන්තවාදී සිදුවීම් පදනම් කරගෙන මෙම ලිපිය යොමු කරන බවද සභාපතිවරයා සිය ලිපිය මගින් දන්වා සිටියද මොහු මෙම ලිපිය යොමු කරනුයේ පාස්කු ඉරිදා ප්‍රහරය සිදු වී මාස 02ක් ගතවීමෙන් පසුව වීමද පුදුම සහගතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here