ජාතික ජන බලවේගය පෙනී සිටින්නේ දියුණුවට බාධා කරන ජාතිවාදය හා ආගම්වාදය පැරදවීමටයි

0
32


ජාතික ජන බලවේගය පෙනී සිටින්නේ දියුණුවට බාධා කරන ජාතිවාදය හා ආගම්වාදය පැරදවීමට යැයි යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහොමඩ් මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ ජාතික ජන බලවේගයේ ජාතික සමගිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහොමඩ් මහතා…

“මේ විවිධත්වය කියන්නෙ අපි කවුරුවත් හදාගත්ත දෙයක් නෙමෙයි. ඒ විවිධත්වය තුළින් සමගිය හදාගන්න එක තමයි අපිට කරන්න පුළුවන් දේ වෙන්නෙ. ජාතිවාදය තුරන් කරන්න තියෙන එකම පදනම තමයි, සාධාරණත්වය ඉෂ්ඨ කිරීම. ජාති ආගම් කුල භේදයක් නැතුව හැමෝටම සාධාරණය ඉටු කරන්න පුළුවන් පාලන ක්‍රමයක් තුළින් තමයි ජාතිවාදය තුරන් කරන්න පුළුවන් වෙන්නෙ. ලෝකයේ ප්‍රධාන ආගම් හතරම නියෝජනය කරන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒක ලොකු සම්පතක්. අපිට ඒ ආගම් හතරෙන් මුළු ලෝකයම සම්බන්ධ කර ගන්න පුළුවන්. මුළු ලෝකයම දිනා ගන්න පුළුවන්. ඒ අවස්ථාව තාමත් තියෙනවා. ඒත් ඒකට තියෙන ලොකුම බාධාව තමයි මේ ජාතිවාදය සහ ආගම්වාදය. ඒ පරිවර්තනය වෙනුවෙන් තමයි ජාතික ජන බලවේගය පෙනී සිටින්නෙ. ඒ නිසා තමයි අපිත් මුස්ලිම් සමාජය නියෝජනය කරමින් මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඉන්නෙ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here