ජවිපෙ “වීදි පිරෙන – පාද සටන” අද සහ හෙට

0
9


එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලිදෙන ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන්නැයි බලකරන ජනතා විමුක්ති පෙරමුණේ විසින් වීදි පිරෙන පාද සටන අද (07) පෙරවරුවේ කළුතර නගරයෙන් ආරම්බවෙයි.

මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, පක්ෂ සාමාජිකයින්, වෘත්තීය සමිති නායකයින් හා සිවිල් ක්‍රියාකාරීන් එක්වීමට නියමිතය.

මෙම විරෝධතා පාගමණ අද කළුතරින් ආරම්භ වී මොරටුව දක්වාත් ඉන් අනතරුව හෙට (08) මොරටුවෙන් ආරම්භ වන විරෝධතා පාගමන නුගේගොඩ දක්වාත් පැමිණෙන අතර එදින නුගේගොඩ නගරයේදී විරෝධතා රැලියක් පැවැත්වීමට නියමිතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here