ජමාත් සංවිධාන තහනම් කිරීමේ ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

0
53


අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තියේ යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝග ඇතුළත් ගැසට් නිවේදනය වැඩි ඡන්දයෙන් අද (21) සම්මත විය.

ඒ අනුව ජාතික තව්හීත් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා මිලයාතේ සෙයිලානි යන සංවිධාන තුන මෙරට තහනම් වේ.

ජාතික තව්හීත් ජමාත් සංවිධානය පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් නැමැත්තාගේ මුලිකත්වයෙන් පිහිටුවා ගනු ලැබුවක් වන අතර ඊට සමගාමීව අන්තවාදය වපුරණ බවට අනාවරණය කර ගත් තවත් සංවිධාන දෙකක් මෙලෙස තහනම් කරන ලදී.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here