ජනාධිපතිවරණය: එජාප අපේක්ෂකයා ගැන “අවසන් තීරණයක් නැහැ”

0
103


Image copyright
SP

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු බීබීසි සිංහල සේවයට පැවසීය.ඊයේ (10) රාත්‍රි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් ‘අරලියගහ මන්දිරයේදී’ පැවැත්විණි. 

එම සාකච්ඡාවේදී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කරගැනීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායකයා කටයුතු කරනු ඇති බව වාර්තාවී තිබිණි.

කෙසේ වෙතත් බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන ගැටලුව ගැන ඊයේ දින ද අවසන් එකඟතාවකට නොපැමිණි බවකි.

සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ “සාකච්ඡා සුභවාදිව” අවසන් වූ බවය. ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ජනතාවට දැන ගත හැකි වනු ඇති බව ඔහු එහිදී කියා සිටියේය. 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා විණි.

එම පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපිරිස අතර එහිදී එකඟතාවක් ඇතිවී තිබේ. 

සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ, ඊට එක්ව සිටි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා “අපිට අදාළ අනිකුත් පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසාන එකඟතාවකට එනවා. සාර්ථක සාකච්ඡා අද සිදුවුණේ” යනුවෙන් කියා සිටියේය. 

  • සජිත්ට සන්ධානයේ සහය ලැබෙයි ද?
  • “මීළඟ ජනපති කිසිවක් කළ නොහැකි පුද්ගලයෙක්”

තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට රනිල් වික්‍රමසිංහ නායකවරයා සාකච්ඡාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ බව ඊට සහභාගිවූ අමාත්‍යවරයෙකු කියා සිටියේය. 

“ගැඹුරු රැවටීමක් නෙවෙයි නම් මම හිතන්නේ අගමැතිවරයා හිත හදා ගෙන ඉන්නේ සජිත්ට ජනාධිපති අපේක්ෂක කම ලබාදෙන්න, ඉරිදා වෙනකොට සියලු කටයුතු අවසන් කරන්න එකඟ වුනා. දැනට සජිත් ඉදිරියෙන්” බව නම සඳහන් කිරීමට අකමැතිවූ අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා විය යුතු බවට ඇතැමුන් යෝජනා කළ කතානායක කරු ජයසුරිය ඊයේ සාකච්ඡාවට එක් නොවීය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here