Home උණුසුම් පුවත් ජනපතිගේ ප්‍රකාශයට උතුරේ දෙමළ දේශපාලන ධාරාවෙන් විරෝධය

ජනපතිගේ ප්‍රකාශයට උතුරේ දෙමළ දේශපාලන ධාරාවෙන් විරෝධය

0
31


එෆ්.අස්ලම්

එල්.ටී.ටී.ඊ සංවිධානය අවි ආයුධ මිලට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශයට උතුරේ දෙමළ දේශපාලන ධාරාවෙන් විරෝධය මතුව තිබේ.

දෙමළ ජාතික සන්ධානය,දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් මෙන්ම උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඇතුළු දේශපාලකයින් රැසක්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනය කරමින් ඊට විරෝධය දක්වා සිටිති.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන්,යෝගේෂ්වරන්,සිවනේසන් යන මන්ත්‍රීවරුන් ද අදහස් දක්වා තිබුණු අතර ඔවුන් සඳහන් කර සිටියේ කොටි සංවිධානය පැවති සමයේ උතුරේ මත්ද්‍රව්‍ය ව්‍යාපෘතියක් සිදුනොවූ බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට එල්.ටී.ටී.ඊ.ය දැඩි දඬුවම් පැනවූ බවයි.

එමෙන්ම උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්න්නේෂ්වරන් ද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ 2009 යුද්ධය අවසන් වීමට පෙර මතින් තොර එකම පළාත වශයෙන් උතුරුපළාත පැවති බවයි. එවක රජයද ඒ බව සනාථ කර තිබුණූ බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අදහස් දක්වමින් මහ විග්නේෂ්වරන් මහතා කියා සිටියේ එය මනුෂ්‍යත්වයට නිගා දෙමින් සිදුකරන ක්‍රියාවක් බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දඬුවම් ලැබ සිටින පුද්ගලයින් සැබැවින්ම ජාවාරම් සිදුකර ඇත්ද එසේත් නොමැති නම් නීතිය ඉදිරියේ වරදක් නොකර වරදකරුවන් වූයේද යන්න ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයාගේ තීරණය තුළින් නීතියෙන් මිනිස් ජීවිතයක් උදුරා ගැනිමට ඉඩ ඇති බව ගම්‍යමාන වන බවත් සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here