ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකයි.. මහින්දට තෝරන්න දෙයක් නෑ.. ගෝටා සිරකර පොහොට්ටු වාහනයේ වෙන කෙනෙක් එන සූදානමක්.. ගෝටාට නොදුන්නොත් අලුත් වාහනයක් සූදානම්..- කොළඹදී සම්මන්ත‍්‍රණයක්…

0
31


ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

එය මහින්ද රාජපක්ෂ මහතා විසින් තෝරා දෙයක් නැති බවත් එය පොදු මහ ජනතාවද විසින් එය තෝරා අවසන් බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ‘ජාතික සමතා බලවේගය’ විසින් කොළඹ දී පැවැත්වූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

එම සම්මන්ත්‍රණය අමතමින් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටු වාහනය සූදානම් නැතිනම් තවත් වාහනයක් පස්ස දොරෙන් සූදානම් කර ගත යුතුව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා යම් සිරකිරීමට ලක් සිර කිරීමකට ලක්කර එම වාහනයේ වෙනත් පුද්ගලයෙක් නැග ඒමට සූදානම් බවට තොරතුරු ඇති බවද වහන්සේ කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here