ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

0
21


දේශීය පුවත්…

1. ග්ලෝරි නැවේ ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නවතී : දැඩි සුළං සහිත කාලගුණයත් සමග ගාල්ලේදී අනතුරට ලක්වූ – ශ්‍රී ලංකා ග්ලෝරි – නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවු බව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

2. “ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු අමාත්‍ය ධුර භාර ගන්නේ නැහැ” – මුස්ලිම් කොංග්‍රසය : මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන තෙක්, යළි අමාත්‍ය ධුර භාර නොගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

3. තැපැල් සේවකයින් පැය 24 කට අසනීපයි : අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.

4.අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කෙරේ : අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරිණ.

5. රත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට : රත්ගම, මලීදූව කැකිල්ල මණ්ඩිය මංසන්ධියේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

විදෙස් පුවත්….

1.ඉරානය සිය බොරතෙල් නෞකාවක් ග්‍රහණයට ගැනීම එදිරිවාදී ක්‍රියාවක් – බ්‍රිතානයෙන් චෝදනා : ඉරානය සිය බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ග්‍රහණයට ගැනීම බ්‍රිතාන්‍යය දැඩි විවේචනයට ලක් කර තිබේ.

උණුසුම් පුවත්

  • ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
  • සෞදි රියාල් තොගයක් සමග ලාංකිකයෙක් කටුනායකදී රේගුවට
  • අනිද්දා සිට තද සුළං තත්ත්වයේ අඩුවීමක්
  • BREAKING : “ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු අමාත්‍ය ධුර භාර ගන්නේ නැහැ” – මුස්ලිම් කොංග්‍රසය
  • හෙරොයින් ජාවාරම ගැන විමර්ශනයට ජාත්‍යන්තර සහයත්
  • ග්ලෝරි නැවේ ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නවතී
  • තැපැල් සේවකයින් පැය 24 කට අසනීපයි
  • ඉනුවිල් නිවාසවලට පහරදීමට ආ ආවා සාමාජිකයෙකු හඳුනා ගැනේ
  • ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩාම් මහනුවර, ගාල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවලට
  • අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කෙරේ



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here