ගාල්ලේ ඩෙංගු අවධානමක්

0
72


ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය පැතිරයාමේ සීග්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 2820ක් වාර්තා වී ඇති බවත් ඉන් 5 දෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

ගාල්ල නගරය, අම්බලන්ගොඩ, බලපිටිය, හික්කඩුව හා හබරාදූව ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.

ගාල්ල නගර සීමාවේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව  හත්සිය විසිපහක් යයිද අම්බලන්ගොඩ නගර සීමාවෙන්  රෝගීන්  තුන්සිය අසූපහක්ද,  හික්කඩුව  නගර සීමාවේ රෝගීන් දෙසීය  විසිහත් දෙනෙකුද වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

මෙම තත්වය පාලනය කිරීමට කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත් ජනතාවට දැනුවත්වී මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බලධාරීන් පවසයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here