ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ අවසන් දේශන ඉදිරිපත් කිරීම සඳුදාට කල්යයි

0
56


පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කල බවට එල්ලවී ඇති චෝදනාවලට අදාල නඩුවේ වැඩිදුර අවසන් දේශන ඉදිරිපත් කිරීම ලබන සදුදා දක්වා කල් තබා තිබේ.

සිද්ධියට අදාල නඩුව අද(14) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මගඬුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.

සාක්ෂි සටහන්වල නිවරදි කිරීම් සිදුකොට වැඩිදුර අවසන් දේශන ලබන සදුදා ඉදිරිපත් කරන්නැයි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාට අධිකරණය අවසර ලබාදුන්නේ ය. එම මහතා දින හතරක් පුරා අවසන් දේශන ඉදිරිපත් කර තිබේ.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා  සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.ෙ

සිද්ධියට අදාල නඩු විභාගය අවසන්වීමෙන් පසු නීල් බණ්ඩාර හපුහින්න නැමති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගප විශේෂ මහාධිකරණය පසුගිය දා නියෝග කළේය.

අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here