Home උණුසුම් පුවත් ඛනිජ තෙල් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

ඛනිජ තෙල් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

0
34


(මහින්ද නිශ්ශංක)
 
විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල අමාත්‍යාංශය යටතේ පවතින පෞද්ගලික විදුලි බලාගාරවලට ඊයේ(30) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ ඩීසල් හා දැවිතෙල්  නොදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(01) දහවල් අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා විධායක නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගරික මනු ජයවර්ධන මහතා පැවසීය.
 
මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ සංස්ථා වෘත්තීය සමිති අද(01) කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළඹි බව ජයවර්ධන මහතා කීය.
 
කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩාව දක්වා අලුතින් යොදන නළ පද්ධතියේ මීටර් 140 කොටස යෙදීමට අමාත්‍ය රවී කරුණානායක මහතා බාධා කිරීමට විරෝධය දක්වා තෙල් සැපයීම නතර කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here