කොළඹ, වයඹ සහ උතුරු පළාත්වල වායු ගුණාත්මක දර්ශකය තරමක් පහළට

0
25


COLOMBO ( News 1st ) – කොළඹ නගරය හා වයඹ සහ උතුරු පළාත්වල වායු ගුණාත්මක දර්ශකය තරමක් පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ මේ වනවිට එම දර්ශක අගය 120 ක් ලෙස සටහන් වන බව ය.

සාමාන්‍යයෙන් කොළඹ නගරය ආශ්‍රිත වායු ගුණාත්මක දර්ශක අගය 40 ට අඩු විය යුතු ය.

එහෙත්, ඊයේ එම අගය දැක්වුණේ 148 ක් ලෙසටයි.

ආසියාවේ රටවල් රැසකින් මේ දිනවල එවැනි තත්ත්වයක් වාර්තා වන බව ද සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ ය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිතව පවතින වායු දූෂණ තත්ත්වය සුළං ප්‍රවාහය සමග පැමිණීමෙන් වායු ගෝලයේ ඇති දුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම ඒ කෙරෙහි බලපා ඇතැයි ද ඔහු පැවසුවේ ය.

මෙවැනි තත්ත්වයකදී මිනිස් සෞඛ්‍යයට සිදුවන බලපෑම අවම කරගත හැකි ආකාරය ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැහැදිලි කළේ ය.

 

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here