කොවිඩ් 19 නිව්යෝර්ක් නගරයේ විදුලි දුම්රියකටත් වඩා වේගයෙන් පැතිරෙනවා

0
96


මාර් 26, 2020 01:00

ආණ්ඩුකාර

කොවිඩ් 19 වෛසරය නිව්යෝර්ක් නගරයේ විදුලි දුම්රියකටත් වඩා වේගයෙන් පැතිරෙන බව ආණ්ඩුකාර ඇන්ඩෲ කොමෝ අනතුරු හඟවයි. බලාපොරොත්තු වූවාට වඩා එම තත්ත්වය තීව්‍ර වී ඇති බවත් එය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් සිදු වූ බවත් ඔහු පැවසීය. මේ වන විට නිව්යෝර්ක් නගරයෙන් පමණක් ආසාදිතයන් 25,000 ක් වාර්තා වන අතර 210 දෙනකු මියගොස් තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් 19 වසංගතයේ නව කේන්ද්‍රස්ථානය එක්සත් ජනපදය වනු ඇති බවයි.

එම සංවිධානය එසේ අනතුරු හැඟවූයේ ලබන මාසයේදී එක්සත් ජනපදය නැවත ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here