Home උණුසුම් පුවත් කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කරාපිටියේ-අකුරැස්සේ 50 ක් දියතලාවට

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කරාපිටියේ-අකුරැස්සේ 50 ක් දියතලාවට

0
41


(සමන් පාලිත නානායක්කාර )
 
කොරෝනා  ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා  වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු  නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන  මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.
 

යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන ගැන ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායනය  සඳහා යොමුකළ බව දිය තලාව යුධ හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවේ ය . 
 
 පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන්  9ක්  පිරිමි ළමුන්  7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබේ. 
 
දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ  විදේශ රටවල සිට පැමිණි  ශ්‍රී ලාංකිකයින් ය .
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here